Thursday, February 17, 2011
ක‍්‍රිකට් ලෝක කුසලාන ආරම්භය අද ඩකා නුවරදී
අද පස්වරුවේ බංග්ලාදේශයේ ඩකා නුවර බංගබන්ධු කි‍්‍රඩාංගනයේදී ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සමාරම්භක උත්සවය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලූ කටයුතු මේ වනවිට සූදානම් කර තිබෙන බව එරටින් ලැබෙන වාර්තා පවසයි. බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමාරම්භක උළෙල ආවරණය කිරිම සඳහා දකුණු ආසියානු කලාපයට අවේනික විශේෂාංග රැසක් ඉදිරිපත් කිරීමට නියමිතය. එහිදී කි‍්‍රකට් ලෝක කුසලාන තේමා ගීතය ඉන්දීය ප‍්‍රකට ගායන ශිල්පී ශංකර් මහදේවන් ගයනා කරන අතර සුපිරි ඉන්දීය ගායන ශිල්පී සෝනු නිගම් සහ බටහිර ගායන ශිල්පී බ‍්‍රයන් ඇඩම්ස් විසින් මෙම සමාරම්භක උලෙළ ගීතවත් කරනු ඇත. ඊට මෙරට ගායන ශිල්පීන් වන ඉරාජ් වීරරත්න, භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් එක් වීමට නියමිතය. මීට අමතරව තවත් සංස්කෘතික අංග මෙන්ම නවීන තාක්ෂණය උපයෝගී කරගත් විශේෂාංග රැසක් මෙම උත්සවය අලංකාර කිරිම සඳහා යොදා ගැනෙණු ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment