Saturday, March 19, 2011

වසර 18 කට පසු චන්ද්‍රයා පෘථිවියට ළංවෙයි

වසර 18 කට පසු අද (19) චන්ද්‍රයා පෘථිවියට ඉතාමත් ආසන්නයෙන් ගමන් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

අද දින චන්ද්‍රයා පෘතුවියට කිලෝ මීටර් තුන්ලක්‌ෂ පනස්‌හය දහස්‌ පන්සිය හැත්තෑ පහක්  ළඟාවන බවත් හෙතෙම පැවසීය.

මෙම දිනය පුරහඳ සහිත දිනයකට සමපාත වී තිබීම හේතුකොට ගෙන භූමි කම්පා, සුළිසුළං, ගිනිකඳු පිපිරීම වැනි ස්‌වාභාවික විපත් ඇතිවේ යැයි මත පළවී ඇතත්, එහි කිසිදු විද්‍යාත්මක සත්‍යතාවයක්‌ නොමැති බවත්, අද දින මුහුදේ වඩදිය බාදිය මට්‌ටම වෙනදාට වඩා වැඩිවිය හැකි බැවින් තද සුළං පැවතියොත් මුහුදු වතුර මට්‌ටම තරමක්‌ ගොඩට ගැලීමක්‌ බලාපොරොත්තු විය හැකි බව හෙතෙම පැවසීය.

අද දින රාත්‍රි අහසේ තරමක්‌ විශාලව  චන්ද්‍රයා  දිස්වන අතර, චන්ද්‍රයා අසලින් සෙනසුරු ග්‍රහලෝකය හා ස්‌පිකා නම් වූ දීප්තිමත් තරුවද පිහිටන නිසා චමත්කාර දර්ශනයක්‌ දැක ගැනීමට හැකිවන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Friday, March 18, 2011

එක්සත් ජනතා නිදහස් සන්ධානයට විශිෂ්ට ජයක්

පළාත් පාලන ආයතන 205 ක බලය හිමිකරගනිමින් 2011 පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වී තිබේ.

පළාත් පාලන ආයතන 234 ක් සඳහා මෙවර පළාත් පාලන මැතිවරණය පවත්වනු ලැබීය.

ඉලංගෙයි තමිල් අරුසකච්චි පළාත් පාලන ආයතන 12 ක බලය හිමිකරගනිමින් මෙවර පළාත් පාලන මැතිවරණයේ දෙවන ස්ථානය හිමිකරගෙන තිබීම විශේෂත්වයකි.

තෙවන ස්ථානයෙහි පසුවන එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇත්තේ ආයතන 09 ක පමණි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පළාත් පාලන ආයතන 04 ක ද, කඳුරට ජනතා පෙරමුණ එක් ආයතනයක්ද, ජාතික කොංග්‍රසය ආයතතන 02 ක් හා ස්වාධීන කණ්ඩායමක් එක් පළාත් පාලන ආයතනයක් ද බැගින් මෙවර පළාත් පාලන මැතිවරණයෙහි බලය හිමිකරගෙන තිබේ.

නේටෝවට ලිබියාව ආක්‍රමණය සඳහා UN අනුමැතිය හිමිවේ



ප්‍රංශය, එංගලන්තය, ඇමෙරිකාව ඉදිරි පැය කිහිපය තුළ ලිබියාවට ඇතුල් වන බව පවසති

ලිබියාව ආක්‍රමණය කිරීම සඳහා නේටෝ හමුදාවන්ට අවශ්‍යව තිබු ලිබියාව තුළ ගුවන් ගමන් විමුක්ත කලාපයක් (no-fly zone) ඇති කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ අනුමැතිය මීට ස්වල්ප මොහොතකට පෙර හිමි වීය. ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ලෙබනනය සහ ඇමෙරිකාව එක්ව අද දින එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ ලිබියාවේ කැරලිකරුවන්ට විරුද්ධව ගඩාෆි පාලන විසින් සිදු කරනු ලබන ගුවන් මෙහෙයුම් නවතා දැමීම සඳහා නේටෝ හමුදා මැදිහත්වීමකින් ලිබියානු ගුවන් බලය විනාශ කර දැමීම සඳහා අවශ්‍යයව තිබූ ගුවන් ගමන් විමුක්ත කලාපයක් ලිබියාව තුළ ඇති කිරීම සඳහා වූ යෝජනාව ඡන්ද 10 - 0 ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ දී අනුමැතිය හිමි විය.

රුසියාව, චීනය, ජර්මනිය, බ්‍රසීලය සහ ඉන්දියාව ඡන්ද විමසන අවස්ථාවෙහි ආරක්‍ෂ මණ්ඩලය තුළ නොසිටි අතර 10 - 0 ලෙස යෝජනාව සම්මත විය. ඒ අනුව ලිබියාව ආක්‍රමණය කිරීම සඳහා ප්‍රංශය, එංගලන්තය සහා ඇමෙරිකාව ඉදිරි පැය කිහිපය තුළ දී ක්‍රියාන්විත මෙහෙය වන බව සඳහන් වේ.

ලිබියාවේ සිවිල් වැසියන් ආරක්‍ෂා කිරීමට අවශ්‍යය ඕනෑම ක්‍රියා මාර්ග ගැනීම සඳහා අවසරය නේටෝ හමුදාවන් සඳහා ලැබී ඇති බව අල් ජසීරා රුපවාහීනිය විසින් වාර්තා කර සිටියි.
‍නේටෝ සංවිධානයේ මහාලේකම් අන්ද්‍රේස් ෆොග් රස්මුසන් විසින් ඇමෙරිකාව ප්‍රංශය සහ එංගලන්තය සමඟ එක්ව ඉදිරි සැළසුම් ක්‍රියාත්මක කරමින් සිටින බව බටහිර පුවත් වාර්තා වල වැඩි දුරටත් සඳහන් වේ.


එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට අද දිනම මෙම යෝජනාව ඉදිරිපත් වී පැයක් තුළ ඡන්දය වීමසීම සිදු කිරීම විශේෂත්වයක්ද වේ.

ආයතන 204 ක ප්‍රතිඵල අනුව 179 ක බලය සන්ධානයට

මේ වනවිට පළාත් පාලන ආයතන 204 ක ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර ඇති අතර, එම පළාත් පාලන ආයතන අතරින් ආයතන 179 ක බලය හිමිකර ගැනීමට  එක්සත් ජනතා නිදහස් සන්ථානය සමත්ව තිබේ. ඒ අතරින් එක්සත් ජාතික පක්ෂය ආයතන 08, ඉලංගෙයි තමිල් අරසකච්චු ආයතන 10ක් ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආයතන 04 බැගින් බලය හිමිකරගෙන තිබේ.

ප්‍රකාශයට පත් ප්‍රතිඵල අනුව පසුගිය පළාත් පාලන මැතිවරණයට වඩා මෙම වර්ෂයේදී වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමිකර ගැනීමට සන්ධානයට හැකිව තිබේ.

කුලියාපිටිය නගර සභාව එජාපයට

මෙවර පළාත් පාලන මැතිවරණයේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ  කුලියාපිටිය නගර සභාවේ ජය අත් කර ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය සමත් වී ඇත. මෙතෙක් නිකුත් වූ නිල ඡන්ද ප‍්‍රතිඵල අනුව එජාපය ලැබූ පළමු ජය මෙය වේ.

එක්සත් ජාතික පක්‍ෂ ඡන්ද 1745ක් ලබා ගනිමින් එම නගර සභාවේ ආසන 06ක් දිනා ගෙන ඇති අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 1370ක් ලබා ගනිමින් ආසන 03ක් හිමි කර ගෙන තිබේ.
එම නගර සභාවට ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 56ක් ද ස්වාධීන කණ්ඩායමක් ඡන්ද 02ක් ද ලබා ඇත.

තිස්ස ප‍්‍රාදේශීය සභාව ජවිපෙට අහිමි වෙයි

ජනතා විමුක්ති පෙරමුණෙහි ශක්තිමත් ආසනයක්ව පැවති තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව එම පක්ෂය මෙවර පළාත් පාලන මැතිවරණයේදී පරාජයට පත්ව තිබේ.

ඡන්ද 14523 ක් ලබාගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ ජයග්‍රහණය හිමිකරගෙන ගැනීමට සමත්ව ඇත.

දෙවන ස්ථානයට පත්ව ඇති එක්සත් ජාතික පක්ෂය ඡන්ද 8344 ක් හිමිකරගෙන ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ හිමිව ඇත්තේ ඡන්ද 7767 ක් පමණි.

Monday, February 28, 2011

මහින්ද අබේසුන්දරට එරෙහිව කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගෙන් පැමිණිල්ලක්

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ මානසිකත්වයට හානිවන ආකාරයේ පුවත් පළ නොකරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍යයෙන් ඉල්ලීමක් කර තිබියදී රජයේ මාධ්‍ය ආයතනයක් වන ස්වාධීන රූපවාහිනියේ මහින්ද අබේසුන්දරගේ ‘විමසුම’ වැඩසටහනින් මහේල ජයවර්ධන හා තිලාන් සමරවීර යන කී‍්‍රඩකයන්ට තරගපාවාදීමේ හෙවැනැල්ල මුසු කිරීම සම්බන්ධයෙන් කි‍්‍රකට් කී‍්‍රඩකයන් පැමිණිලි කිරීමට යන බව කණ්ඩායම් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
අදාළ පැමිණිල්ල අද (පෙබ.28) දිනයේදී ජනාධිපතිවරයාට යොමු කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයෝ සූදානමින් සිටියද ඔහු අනුරාධපුරයේ සංචාරයක යෙදී ඇති බැවින් එය මඟහැරි ඇතැයි ද පැවසේ.

එම වැඩසටහනේ ‘ගේම් එක චේන්ජ කරන්නේ යි පුන පුනා කී නිසාදෝ මහේල හා තිලාන් ඒ අනුවම චේන්ජ් කරාදැයි අපට නිකමට සිතේ.’ යුන්වෙන් සඳහන් කරමින් එම ක‍්‍රීඩකයන් තරග පාවාදීමක් කර ඇති බව අදහස් වන ආකාරයෙන් ප‍්‍රකාශයක් කිරීමෙන් කණ්ඩායමේ මානසිකත්වය බිඳවැටී ඇතැයි සටහන් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

එසේම පාකිස්තානයට තරග පාවාදීමේ චෝදනා එල්ල වී තිබෙන කණ්ඩායමක් බැවින් එවැනි තරගයක පරාජය සම්බන්ධයෙන් මෙවැනි ප‍්‍රකාශයක් කිරීම කී‍්‍රඩා විචාරකයන්ගේද දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

මෙම තරගයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිල පාකිස්තානය වෙතින් ලකුණු 11ක තියුණු පරාජයක් ලැබූ අතර, මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය තරග පරාජයට හෙතුවූ බව විචාරක මතය වේ.

ශ‍්‍රී ලංකා - පාකිස්තාන තරඟය මුදලට පාවා දුන්නා වත්ද?

මහින්ද අබේසුන්දර ලාංකිකයෙක්ද?

පරාජය වු තරඟය සම්බන්ධයෙන් 27 වනදා ස්වාධීන රූපවාහිනියේ විමසුම වැඩසටහන තුලින් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙල පිතිකරුවන් දෙදෙනෙකු තරඟය මුදලට පාවාදුන් බවක් ඇඟවෙන ආකාරයේ වාර්තාවක් ඉදිරිපත් විය.

බුකිකරුවන් සහ පකිස්තාන ක‍්‍රීඩකයන් අතර වූ සම්බන්ධතා කිහිපයක් ඔප්පු වීම හේතුවෙන් පාකිස්තාන ජාතික කන්ඩායමේ ක‍්‍රීඩකයන් කිහිප දෙනෙක්ම මේ වන විට ක‍්‍රිකට් තරඟ තහනමකට පවා ලක්ව තිබේ. ශ‍්‍රී ලංකාවටද ලෝක ප‍්‍රසිද්ධ ක‍්‍රිකට් ඔට්ටු කරුවන් කිහිප දෙනෙක්ම මෙවර ලෝක කුසලාන සමයේ පැමිණ ඇති බවට මාධ්‍ය වාර්තාද පසුගිය දිනවල පලවිය. තවත් නම් දැරූ සමහර ඔට්ටුකරුවන්ට ශ‍්‍රී ලංකා රජය මඟින් වීසා දීම අත්හිටුවා තිබිණි.

ස්වාධීන රූපවාහිනිය ඉදිරිපත් කල විමසුම වැඩසටහන මෙතනින් බලන්නග

2011 ලෝක කුසලාන තරඟාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් දෙවැනි තරය වූයේ පසුගිය 26 වනදා කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටියේදී දිවා රාත‍්‍රී තරඟයක් ලෙසින් පැවති ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟයයි. තරඟ ප‍්‍රවේශපත් සියල්ල අලෙවි වී තිබූන තරඟය නැරඹීම සඳහා 35,000කට ආසන්න කී‍්‍රඩා ලෝලීන් පිරිසක් පැමිණ තිබිණි. කෙසේ වෙතත් අවසානයේ ශ‍්‍රී ලංකා භූමියේදීම ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට ලකුණු 11 ක පරාජයක් උරුම විය. එම තරඟයේ දෙපිළෙන්ම දක්‍ෂ ක‍්‍රීඩා රටාවක් පෙන්නුම් නොවිණි.

මහින්ද අබේසුන්දර නම් පුද්ගලයා මෙවැනි ආකාරයේ පිටපත් ලියා ක‍්‍රීඩකයන් මානසිකව වට්ටන්නේ ඔහු මුදලට විකිණීද?

Thursday, February 24, 2011

ලංකාව 2009 වසරේ දුම්වැටි කෝටි 420ක් බීලා

සිගරැට් කෝටි 420ක් සහ බීඩි කෝටි 227ක් ශ්‍රී ලංකාවේ 2009 වසරේදී මෙරට පරිභෝජනය කර ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද පිළිතුරක සඳහන් විය. එම පරිභෝජනයට අනුව සිගරට් සඳහා බදුවලින් 2009දී රුපියල් කෝටි 3780ක ආදායමක් උපයාගෙන ඇති බවද එම පිළිතුරෙහි දැක්වේ. 2009 දී ශ්‍රී ලංකාවේ සිගරට් කෝටි 410ක් සහ බීඩි කෝටි 227ක් නිපදවා ඇති බවත් එම පිළිතුරෙහි වැඩිදුරටත් දැක්වේ.
කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රී රවී කරුණානායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසනලද ප්‍රශ්නයකට අදාළ පිළිතුර මන්ත්‍රීවරයා සභාවේ නොසිටි බැවින් සභාගත කෙරිණි.

‘ ඕලූ’ ටෙලියෙන් මංජුලා ඉවතට

රූපවාහිනී පේ‍්‍රක්‍ෂකයන් අතර ජනපි‍්‍රයත්වයටපත්ි ඕලූ’ ටෙලි නාට්‍යයේ  ඕලූගේ චරිතයට පණ පෙවූ මංජුලා කුමාරි එහි දෙවැනි කොටස වනි ඕලූ -2’ ටෙලි නාට්‍යයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේග
මංජුලාල ඇය විසින් ආරම්භ කර ඇති ි ඕලූ ක‍්‍රියේෂන්’ නම් සමාගම මගින්  ඕලූ -2 ටෙලි නාට්‍ය නිෂ්පාදනය කිරීමට  ඕලූ පළමු කොටසේ නිෂ්පාදකයන් වූ ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉල්ලීමත් සමග ඇතිවූ හබයක් දුර දිගයාමෙන් ඇය මෙම ටෙලි නාට්‍යයෙන් ඉවත් කර ඇතැයි පැවසේග
අදාළ සිද්ධියත් සමග ස්වර්ණවාහිනිය විසින්  ඕලූ පළමු කොටසේ රඟපෑ සියලූම නළු නිළියන් ඉවත්කර අලූත් නළු නිළියන් යොදා ගෙන ඇතැයිද වාර්තා වේග

කෙසේවුවද මේ වන විට  ඕලූ -2 ටෙලි නාට්‍යයේ වැඩ ආරම්භ කර ඇතැයිද එහි ප‍්‍රධාන චරිතය සඳහා මංජුලා වෙනුවට කාංචනා මෙන්ඩිස් ගෙන ඇති බව කාලා ක්‍ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේග
ඕලූ හි ප‍්‍රධාන නළුවා වූ සුරාජ් මාපා ද  ඕලූ -2 නාට්‍යයෙන් ඉවත්කර එහි ප‍්‍රධාන නළුවාගේ භූමිකාවට මේනක රාජපක්‍ෂ ගෙන ඇතැයි ද පැවසේග

පෘථිවියට ආලෝක වර්ෂ 2,000ක් ඈතින් ග‍්‍රහලෝකයක්

පෘථිවිය පිහිටි චක‍්‍රවාටයෙන් පිටත පිහිටා තිබෙන ග‍්‍රහලෝකයක් මුල්ම වරට සොයාගැනේග
කෙසේ වෙතත්ල එහි ආයු කාලය මේ වන විට ක්‍ෂය වෙමින් පවතීග

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 2ල000ක් ඈතින් පිහිටා ඇති එය එච්අයිපී 13044 යනුවෙන් නම් කොට තිබේග

බ‍්‍රහස්පති තාරකාවට සමාන පෙනුමක් ඇති එම ග‍්‍රහලෝකයල කලක් අඟුටුමිටි චක‍්‍රවාටයකට අයත් සෞරග‍්‍රහ මණ්ඩලයක පිහිටා ඇතැයි තාරකා විද්‍යාඥයින් පවසයිග

එම අඟුටුමිටි චක‍්‍රවාටය පසුකලකදී අප මන්දාකිණිය විසින් අවශෝෂණය කරගනු ලැබ තිබේග
එම ග‍්‍රහලෝකය චිලීහි පිහිටි දුරදක්නයක් මඟින් නිරීක්‍ෂණය කොට ඇතග

ළහිරුගේ කි‍්‍රකට් තේමා ගීය තහනම් වුණේ ඇයි ?

කි‍්‍රකට් ලෝක කුසලාන නිල තේමා ගීතය ප‍්‍රචාරය කිරීම නවතා දමන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ක‍්‍රීඩා අමාත්‍යවරයාට නියෝග කර ඇතැයි වාර්තා වේ.

මෙම ගීතයෙන් ශී‍්‍ර ලංකාව හැර අනෙක් රටවල් හෙලා දැක තිබීම හා ජාත්‍යාලය වැඩිකරන ආකාරයේ පද මාලාවක් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි පැවසේග

ජනාධිපතිවරයා පසුගිය දිනක රූපවාහිනිය නරඹමින් සිටියදී මෙම ගීතය දැක ඇති අතරල පසුව එදින සිටම මෙම ගීය ප‍්‍රචාරය කිරීම නවතා දමන ලෙස රජයේ මාධ්‍ය සඳහා නියෝග කර තිබේග

ශ‍්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ අනුග‍්‍රහයෙන් නිර්මාණය වු මෙම ගීයට කිරීමට රුපියල් කෝටි 5 කට වැඩි මුදලක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වැයකර ඇතැයි ද පැවසේග

මනුරංග විජේසේකර විසින් නැමැති අය විසින් මෙම ගීතයේ පද මාලාව රචනා කර තිබිණිග
අදාළ ගීය ප‍්‍රචාරය වීම නැවැත්වීම සම්බන්ධයෙන් පසුගියදා ජනපතිවරයා සමග පැවැති මාධ්‍ය හමුවකදී ද සාකච්ඡා කෙරුණු බව මේ අතරල වාර්තා වේග

කෙසේවුවද මෙම ගීය නවතා දැමීමට හේතුවී ඇත්තේ එක්තරා ගීත රචකයෙකු හා සංගීත කණ්ඩායමක නායකයෙකුගේ ප‍්‍රචාරණ වැඩ සටහනක ප‍්‍රතිඵලයක් ලෙස බැව් සංගීත ක්‍ෂේත‍්‍රයේ කතා බහට ලක්ව තිබේග

මේ අතරල ජාතික රූපවාහිනියේ සංගීත අංශයේ ප‍්‍රධානියා හා දක්‍ෂ සංගීතඥයකු වන රූකාන්ත ගුණතිලක මහතා ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය කරන ලද ගීතය රජයේ මාධ්‍යයේ ප‍්‍රචාරය කරන ලෙස ජනාධිපතිවරයා නියම කර ඇති බවද පැවසේග

Wednesday, February 23, 2011

පන්නලින් හොර හැඳුනුම්පත් නිකුත් කරලා

කාලයක සිට පවත්වාගෙන ගිය ව්‍යාජ ලිපිලේඛන සැකසීමේ මධ්‍යස්ථානයක් පන්නල පොලිසිය විසින් වටලා තිබේ.

පන්නල නගරයේ රහසිගත ස්ථානයක පවත්වාගෙන ගිය මෙම මධ්‍යස්ථානයේ තිබූ ව්‍යාජ ලිපි ලේඛන රැසක් සහ ඒවා සැකසීමට ගන්නා පරිගණක ඇතුළු උපකරණ කිහිපයක් ද සිය භාරයට ගත් බව පොලිසිය සඳහන් කරයි.

ජාතික හැඳුනුම්පත් , උප්පැන්න සහතික පත් , වැලි සහ මැටි ප්‍රවාහන බලපත්‍ර , විවාහ සහ මරණ සහතික පත් ඇතුළු ව්‍යාජ සහතික පත්‍ර රැසක් එහි දී සොයා ගෙන තිබේ.

ව්‍යාජ හැඳුනුම්පත නිකුත් කිරීම සඳහා රුපියල් 4000ක මුදලක් ද වැලි සහ මැටි ප්‍රවාහන බලපත්‍ර සදහා රුපියල් 1000 ක මුදලක් ද අය කර ඇති බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Monday, February 21, 2011

පබාගේ සැමියා පොලීසියට බාරවෙයි



ස්වාමි පුරුෂයාගේ පහරදීමකට ලක්ව රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී, ජනප‍්‍රිය නිළි උපේක්‍ෂා ස්වර්ණමාලී මහත්මියගේ සැමියා වන මහේෂ් චාමින්ද වලවේගම නැමැත්තා මිරිහාන පොලිස් ස්ථානය වෙත බාර වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පහර දීම සම්බනධයෙන් පොලීසියට බාරවන ලෙස පොලීසය විසින් කරන ලද දැනුම් දීමක් අනුව ඔහු මෙසේ පොලීසයි වෙත බාර වී ඇත. පහරදීමෙන් උපේක්‍ෂෘ ස්වර්ණමාලී මහත්මියගේ ඇසකට හානි සිදුවී සුළු ශල්‍යකර්ම කිහිපයක් සිදුකර තිබිණි.

Thursday, February 17, 2011

පබාගේ වැලන්ටයින් කතාව මොකක්ද?

ිඋපේක්ෂා පසුගිය වැලන්ටයින් දිනය දා ජනප‍්‍රිය නළු සාරංග දිසාසේකර සමග නැටුමක යෙදුණ බවත් එම හැසිරීම ගැන සැකකළ ඇයගේ සැමියා සමග බහින් බස්වීම් ඇතිවීම මෙම ගැටුමට ආසන්නම හේතුව බවත් ඇතැම් මාධ්‍ය මගින් මේ වන විට ප‍්‍රවෘත්ති වාර්තා කර තිබෙනවා.

    පබාට ගහ ගහා බිම දිගේ ඇදගෙන ගියා
    - ආරක්ෂකයින් කියයි
පිළියන්දල පිහිටි පබාගේ මහගෙදරට ඇයත් සැමියාත් අ`ගහරුවාදා(15* ගොස් තිබෙන බවත් එහි සිට නැවත තලපත්පිටියේ පිහිටි පබාගේ නිවසට දෙදෙනාම වාහනයේ පැමිණෙමින් සිටියදී බහින් බස්වී පහරදීම ඇරඹුණ බවත් ආරක්ෂක නිලධාරීන් දන්වා ඇත. වාහනයේ ගමන් කරමින් සිටියදී පහරදීම ඇරඹී එය අවසන් නොවී නිවස අසළ වාහනය නතර කරද්දී ඇය බිම දිගේ ඇදගෙන යමින් අතින් පයින් පහර දුන් බවත් පුද්ගලික ආරවුලක් නිසා ආරක්ෂකයින් එයට මැදිහත් නොවූ බවත් වාර්තා වේ.
මෙම පහරදීම් ඉවසාගත නොහැකිව වහාම කාමරයකට දිව ගිය පබා එහි දොරගුළු වසාගත් බවත් එම අවස්ථාවේ ඇගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක නිලධාරීන් ඉදිරිපත්වී තුවාල සහිත ඇය රෝහල් ගත කිරීමට කටයුතු කළ බවත් පවසා ඇත.
ඇයව ජයවර්ධනපුර රොහලෙ ස්නායු ශල්‍ය ඒකකය වන 18 වන වාට්ටුවට වහාම ඇතුළත් කළේ එයින් පසුය.ඇය ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්නගේ අධීක්ෂණය යටතේ දැන් පසුවන අතර විශේෂ ශල්‍ය කර්ම වලටද ඊයේ බඳුන් කර තිබේ.

වම් ඇසට උඩින් තුවාලයක්

ඇගේ වම් ඇසට ඉහලින් තුවාලයක් ඇති බවත් එය බරපතල තත්වයේ නොවන බවත් රෝහල් ආරංච් සඳහන් කරන අතර ඇයට තවත් ශල්‍යකර්ම කිහිපයක් කිරීමට නියමිත බවත් වාර්තා වේ.
119 අංකයට ලැබුණ පැමිණිල්ලක් ඔස්සේ යමින් මිරිහාන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය උපේක්ෂාගෙන් දීර්ඝ ලෙස මෙම සිද්ධිය ගැන ප‍්‍රකාශ සටහන් ලබාගෙන ඇති අතර පවුල් ආරවුලකදී කළ හිංසනයක් ලෙස හෝ මන්ත‍්‍රිවරියකට කළ පහරදීමක් යන දෙකෙන්ම උපේක්ෂාගේ සැමියා වන මහේෂ් චාමින්ද වළවේගම අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බව පොලිසිය දන්වා ඇත.නමුත් මේ වනතුරු සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප‍්‍රකාශයක් හෝ ලබාගෙන නැත.

ක්‍රිකට් ලෝක කුසලාන සමාරම්භක උළෙල ඇරඹෙයි


2011 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක උළෙල සුළු මොහොතකට පෙර බංග්ලාදේශයේ බන්ගබන්ධු ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

‍ ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය මේ මස 19දා බංග්ලාදේශය හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතව ඇත.

‍ මෙවර ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අතර එය පෙබරවාරි මස 19 වැනිදා සිට අප්‍රේල් මස 02 වනදා දක්වා පැවැත්වේ.

‍ දසවැනි වරට පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ලෝකයේ රටවල් දහහතරක් සහභාගි වේ.

ක‍්‍රිකට් ලෝක කුසලාන ආරම්භය අද ඩකා නුවරදී

අද පස්වරුවේ බංග්ලාදේශයේ ඩකා නුවර බංගබන්ධු කි‍්‍රඩාංගනයේදී ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සමාරම්භක උත්සවය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලූ කටයුතු මේ වනවිට සූදානම් කර තිබෙන බව එරටින් ලැබෙන වාර්තා පවසයි. බංග්ලාදේශ අගමැතිනී ෂීක් හසීනාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමාරම්භක උළෙල ආවරණය කිරිම සඳහා දකුණු ආසියානු කලාපයට අවේනික විශේෂාංග රැසක් ඉදිරිපත් කිරීමට නියමිතය. එහිදී කි‍්‍රකට් ලෝක කුසලාන තේමා ගීතය ඉන්දීය ප‍්‍රකට ගායන ශිල්පී ශංකර් මහදේවන් ගයනා කරන අතර සුපිරි ඉන්දීය ගායන ශිල්පී සෝනු නිගම් සහ බටහිර ගායන ශිල්පී බ‍්‍රයන් ඇඩම්ස් විසින් මෙම සමාරම්භක උලෙළ ගීතවත් කරනු ඇත. ඊට මෙරට ගායන ශිල්පීන් වන ඉරාජ් වීරරත්න, භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් එක් වීමට නියමිතය. මීට අමතරව තවත් සංස්කෘතික අංග මෙන්ම නවීන තාක්ෂණය උපයෝගී කරගත් විශේෂාංග රැසක් මෙම උත්සවය අලංකාර කිරිම සඳහා යොදා ගැනෙණු ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ

'ආදරණීය සැමියා' සොයා පොලිස් මෙහෙයුම් ඇරඹේ


ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ක්‍රියාත්මක බව මිරිහාන පොලීසිය පවසයි. ඇයගේ ප්‍රකාශයට අනුව මෙම පහරදීමට සිය සැමියා සම්බන්ධ බවට හෙළි වී ඇති බව මිරිහාන ‍මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා සදහන් කර තිබේ. ඒ අනුව ඔහුට පොලීසියට පැමිණෙන ලෙසට දැනුම් දී ඇති බවද මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා වැඩි දුරටත් සදහන් කර ඇත.
අදාළ පුද්ගලයා පොලීසියට භාරවනු ඇති බවට පොලීසිය විශ්වාසය පල කරයි. සිදුකළ පහරදීමෙන් තුවාල ලැබු  උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය මේ වන විටත් ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

නවම් පුර පසළොස්වක පෝය දිනය



මෙම පොහෝ දිනයෙහි සිදු වූ ආගමික සිදුවීම් රැසෙකි. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක පදවි පිරිනැමීම, එක් දහස් දෙසිය පණහක් පමණ රහතන් වහන්සේලාගෙන් සමන්විත මහා සංඝ සන්නිපාතය, භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරීම චාපාල චේතිය නම් ස්ථානයේදී බුදුරජාණන් වහන්සේ විසින් තුන් මසෙකින් පිරිනිවන් පානා බව ප්‍රකාශ කොට ආයු සංස්කාරය අත්හැරීම ආදිය වැදගත් සිද්ධීන් වේ.

Wednesday, February 16, 2011

ලෝක කුසලාන ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට twitter තහනමක්

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ වංචා වැලැක්වීමේ හා ආරක්‍ෂක අංශයේ තීරණයකට අනුව කි‍්‍රකට් ලෝක කුසලාන තරඟාවලිය වංචාවෙන් තොර එකක් බවට සහතික වීම සඳහා තරඟ පැවැත්වෙන කාලසීමාවේදී අන්තර් ජාලයේ twitter සමාජ ජාල වෙබ් අඩවිය භාවිතා කිරීම කී‍්‍රඩකයින්ට හා නිලධාරින්ට තහනම් කර ඇතැයි වාර්තා වෙයි. නීති විරෝධී ලෙසින් තරඟාවලිය සම්බන්ධයෙන් ඔට්ටු අල්ලන්නන් සමඟ සබඳකම් පැවැත්වීමෙන් කී‍්‍රඩකයින් හා නිලධාරීන් වලක්වා ගැනීම එහි අරමුණ බව සඳහන්ය.
ඕස්ටේ‍්‍රලියානු පිලේ කළමනාකරු වන ස්ටීව් බර්නාඞ්ගේ ට්වීට් යොමුවන් සඳහා පිළිතුරු 1,100කට අධික සංඛ්‍යාවක් ලැබීමත් සමඟ මෙම පියවර ගැනීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර ඇත. තරඟාවලිය තුලදී twitter පහසුකම භාවිතා නොකරන ලෙසට කණ්ඩායම සමඟ ඉන්දියාවේ බැංගලෝරයට පැමිණි ඔහුට අවවාද ලැබී ඇති බවද සඳහන්ය.

සැමියාගේ පිහි ඇණුමකින් මන්ත‍්‍රීනී ‘පබා’ රෝහලේ

 පාර්ලිමේන්තු මන්තී‍්‍ර උපේක්‍ෂා ස්වර්ණමාලි මහත්මිය පහර කෑමකට ලක්ව ශි‍්‍ර ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්නාර ඒකකයට ඇතුළත් කර තිබේ. ඇගේ දෙනෙත් සැත්කමකට ලක් කළ යුතු බව  වෛද්‍යවරුන් පවසයි. පහර කෑම පිළිබද මිරිහාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලික්ද කර  තිබෙන අතර නුගේගොඩ පිහිටි නිවසේදි ඊයේ රාතී‍්‍ර පහර දීම සිදුව තිබේ. පහරදීම කවරෙකු විසින් සිදුකළේ දැයි නිශ්චිතව සදහන් කර නැතත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නේ සැමියාගේ පිහි පහරකට ලක්ව ඇය මෙලෙස රෝහල් ගත කර ඇති බවයි
සිය ස්වාමි පුරුෂයාගෙන් වෙන්වීම සදහා දික්කසාද නඩුවක් ගොනු කිරීමට උපේක්‍ෂා ස්වර්ණමාලි මහත්මිය මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි. මේ සම්බන්ධයෙන් ඇගේ සැමියා පවසා ඇත්තේ උපේක්ෂාට පහරදීමක් සිදුවී ඇය රෝහල් ගත කළ බවට පැතිර යන ආරංචි වල කිසිදු සත්‍යතාවයක් නැති බවය. මේ වන විට තමන් සහ තම බිරිඳ කොළඹ ගංගාරාමය අසල රූගත කිරීම් අවස්ථාවකට සහභාගී වී සිටින බවද ඇගේ සැමියා පවසා ඇත.

විනූ වෙත්තමුණි ඝාතනය කෙරේ

සරාගී චිත‍්‍රපට ගණනාවක ර`ගපෑ නිළියක වන විනූ වෙත්තමුණි ඊයේ(15* රාත‍්‍රියේ රත්මලාන බොරුපන පාරේ පිහිටි ඇගේ නිවසේදී අභිරහස් ලෙස නයිලෝන් නූලකින් ගෙළ සිර කර මරාදමා ඇත. 35 හැවිරිදි ඇය දරුවා සමග නිවසේ සිටි බවත් සැමියා විදේශගතව සිටි බවත් කියැවේ.
ඇගේ නිවසට ඊයේ රාත‍්‍රි පුද්ගලයින් තිදෙනෙකු ආ බවත් උදෑසන වනතුරු ඔවුන්ගෙන් එක් අයකු ඇගේ කාමරයේ සිටි බවත් ඇගේ පුත‍්‍රයා හා මව සඳහන් කරන අතර උදෑසන කිසිම හඬක් නැතිව දොර අගුළු දමා තිබීම ගැන සැක කර පොලිසියට දැන්වූ පසු ගල්කිස්ස පොලිසිය පැමිණ දොර කඩා

බලද්දී ඇගේ මළ සිරුර හමුවී ඇත. ඇගේ ගෙල කළු පැහැති නයිලෝන් නූලකින් හිර කර මරා දමා ඇති ආකාරයක් හඳුනාගත හැකිවී තිබේ.
පුද්ගලයකුගේ යයි සැක කළ හැකි ඇඳුම්ද මෙම කාමරයේ තිබී හමුවී ඇත.
සිහින දෙව්දුව චිත‍්‍රපටයේ නිෂ්පාදිකාවද වන විනු වඩාත් ප‍්‍රකටව ඇත්තේ වැඩිහිටි චිත‍්‍රපටවල ර`ගන සරාගී නිළියක ලෙසිනි.

Sunday, February 13, 2011

ඉන්දීය ප්‍රභූන් ඝාතනය කරන්නට එල්.ටී.ටී.ඊය අරඅඳියි

එළඹෙන මහා මැතිවරණ සමයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා තමිල්නාඩුවට පැමිණෙන ප්‍රභූන් ඝාතනය කිරීමේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සැලසුමක් ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි.

ඉන්දීය මධ්‍යම රහස් තොරතුරු කාර්යාංශය මගින් ඒ පිළිබඳ තමිල්නාඩු පොලීසිය දැනුවත් කර ඇති බව සඳහන් වේ.

තමිල්නාඩුවට පැමිණ ඇති එල්.ටී.ටී.ඊ සංවිධානයේ පිරිස් දැනට හඳුනා නොගත් ස්ථානයක යළි පුහුණුවීම් ආරම්භ කර ඇති බවත්,ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කොට දැනුවත් කර ඇති බවත්" ද හින්දු" පුවත්පත තහවුරු කර තිබේ.

ඉන්දීය මධ්‍යම රහස් තොරතුරු කාර්යාංශය මගින් තමන්ට එවැනි පණිවිඩ කිහිපයක් ලැබුණු බවත්,ඒවා ලැබුණේ අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතා චෙන්නායි හි සංචාරය කළ වකවානුවේ සහ ලෝක ද්‍රවිඩ සමුළුව පැවති කාලයේ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කර තිබේ.

කොළඹ තවත් සුපිරි ‘ප්‍රභූ’ ගණිකා නිවාසයක් ව‍ටලයි

බම්බලපිටියේ සුපිරි නිවසක පවත්‍වාගෙන ගිය ප්‍රභූවරුන්ට අනුග්‍රහය දැක්වූ තවත් ගණිකා මඩමක්‍ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් වටලා තිබේ. වටලන අවස්ථාවේ එහි සිටි කළමනාකාරවරයෙකු හා ගැහැණු ළමුන් 04 ක් ද පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන ඇත. මෙම ගණිකා නිවාසය මීට ඉහත අවස්ථා කිහිපයකදීම පොලීසියට හසු වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් නඩු විභාග තවමත් සිදුවෙමින් පවතී. මෙසේ රැහැ‍නට හසු වූ හැම අවස්ථාවකින් පසුවම නව කළමනාකරුවෙක් හා නව ගණිකාවන් යොදාගෙන ගණිකා නිවාසය පවත්වාගෙන යාමට එහි හිමිකරු කටයුතු කර තිබේ.
අදාල වැටලීමේ දී අත්අඩංගුවටපත්  ගැහැණු ළමයින් කොළඹ, ගම්පහ හා අනුරාධපුර දිස්ත්‍රිකක්වල අයවලුන් බව පොලීසිය පවසයි. (

දිනමිණ රජයට කඬේ යෑම



2011 02 11  දිනමිණ

ඊ නිව්ස් කාර්යාලයට ගිනි තැබූිභූතයා’ අල්ලයි

ප්‍රධාන අරමුණ රජයට මඩ ගැසීමයි

මාලඹේ පිහිටි ලංකා ඊ නිව්ස් කාර්යාලයට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු වන  ර්‍ණභූතයා” බේරුවල නිවෙසක සිටියදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේග පෙරේදා :10* අලුයම භූතයා අත්අඩංගුවට ගෙන ඇත්තේ තලංගම පොලිසිය විසිනිග ඊ නිව්ස් ප්‍රධානියකුගෙන් ලැබුණු කොන්ත්‍රාත්තුවක් මත මෙම ගිනි තැබීම සිදු කළ බවට භූතයා පාපොච්චාරණ කර තිබේග ඒ සඳහා රුපියල් පනස්දාහක් ලැබුණු බව භූතයා පිළිගෙන තිබේග ඊ නිව්ස් කාර්යාලයට ගිනි තබා විනාශ කොට ජාත්‍යන්තර සංවිධානවලින් ආධාර ලබා ගැනීම සහ රජය අපකීර්තියට පත් කිරීම මෙම කොන්ත්‍රාත්තුව පිටුපස තිබුණ අරමුණ බවද මේ වන විට විමර්ශන ඔස්සේ හෙළිකර ගෙන තිබේග
 

    

Monday, February 7, 2011

හඞ්සන් සරමසිංහට එෆ්.එම්. දෙරණින් නඩු




2011 කි‍්‍රකට් ලෝක කුසලාන තරඟාවලියේ මෙරට ගුවන් විදුලි විකාශන අයිතිය එෆ්.එම්. දෙරණට ලැබී තිබියදී, ගුවන් විදුලි සංස්ථාව එම විස්තර විචාරය ලබා දෙන බවට පූර්ව ප‍්‍රචාරයන් සිදුකිරීම තම බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කිරීමක් බව පවසමින් එෆ්.එම් දෙරණ සිය නීතිඥයන් මඟින් ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වන හඞ්සන් සමරසිංහ මහතා වෙත වෙත එන්තරවාසියක් යවා තිබේ. එවැනි ප‍්‍රචාරක කටයුතු වලින් වළකින ලෙසට හා ඔවුන්ගේ ක‍්‍රියාකලාපයෙන් තමන්ට වූ අලාභය සම්බන්ධයෙන් වන්දි ලබාදෙන ලෙසටද එමඟින් දැනුම් දී ඇත. ”කැපිටල් ලෝ චේම්බර්ස්”නීතිඥ සමාගම මගින් ගුවන් විදුලි සංස්ථා සභාපතිවරයා වෙත මෙම එන්තරවාසිය යවා ඇත.

Sunday, February 6, 2011

පොළාන්නරුව අවට වර්ෂාව








‘2011 රුසියාවට ලේ, කඳුළු වසරක්’



ඉස්ලාමීය අන්තවාදී නායක ඩෝකු උමාරොෆ්  වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින්, 2011 වසර රුසියාවේ ලේ කඳුළු සැලෙන වසරක් බවට පත් කරන්නේ යැයි අනතුරු අඟවා තිබේ. මොස්කව් ගුවන්තොටුපලට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වී සති දෙකකට පසුව ඔහු මෙම ප‍්‍රකාශව කර තිබේ. රුසියාවේ උතුරු කොකේසස් කඳුකර කලාපයේ ඉස්ලාමීය අන්තවාදය පැතිර පවතින අතර ඩෝකු උමාරොෆ් රුසියානුවන් වෙත අනතුරු අඟවන්නේ එම කලාපයෙන් හමුදාව ඉවත් කර ගන්නා ලෙසටයි. පුද්ගලයන් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ මොස්කව් ගුවන්තොටුපල ප‍්‍රහාරය පිළිබඳ වගකීම ඔහු මෙහිදී සෘජුව පිළි නොගත් නමුදු මරාගෙන මැරෙන බෝම්බ මෙහෙයුම් වැලක් දියත් කරන බවට අනතුරු ඇඟවීමක් කර තිබේ. - (reuters)

ආපදා පෙදෙස් වල ඡන්දය එපා-විමල් ඉල්ලයි

ආපදාවට ලක්වු බහුතරයක් වෙසෙන ප්‍රදේශවල පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දමන ලෙස ජාතික නිදහස් පෙරමුණ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියි.

එම පක්ෂයේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ලිපියක් මගින් මෙම ඉල්ලීම කර තිබේ.

මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඇතිවු ආපදා තත්ත්වය හේතුවෙන් පළාත් රැසක විශාල පිරිසක් පීඩාවට පත්ව ඇති බව ඔහු පෙන්වා දෙයි.

එබැවින් මාර්තු 17 වන දින අදාළ ප්‍රදේශවල මැතිවරණය පැවැත්වීම යෝග්‍ය නොවන බව විමල් වීරවංශ මහතා වැඩිදුරටත් මෙම ලිපියේ සඳහන් කර තිබේ.

අලූත් වුන නෝට්ටු










වැස්සෙන් ලක්ෂ දොළහමාරක් අමාරුවේ

සතියක් පුරා එක දිගටම පැවැති මහවැසි ගංවතුර සහ කඳුකරයේ නායයෑම් නිසා දිස්ත‍්‍රික්ක 17ක 12,40,000කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටිතියි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.ඔවුහු පවුල් 3,63,000 කට අයත් වෙති.
                               ති‍්‍රකුණාමලයේ 3,24,556 ක්, මඩකලපුවේ 2,40,366 ක්, වව්නියාවේ 79,043 ක්, මුලතිව් 59,977, කිලිනොච්චි 14,827, කුරුණෑගල 371 ක්, අනුරාධපුර 1,46,434 ක්, පොළොන්නරුවේ 50,000 ක්, මාතලේ, අම්පාර, පුත්තලම, කෑගල්ල, මන්නාරම සහ මොනරාගල 1,07,452 ක් පීඩාවට පත්ව සිටිති.
                      11 දෙනකු මියගොස් තිදෙනකු ආගිය අතක් නැතැයිද එම මධ්‍යස්ථානය වාර්තා කරයි.
                     තවද ජනවාරි හා පෙබරවාරියේ ගංවතුරින් දිස්ති‍්‍රක්ක හතක වැව් සහ අමුණු 525ක් කැඞී බිඳී ගොස් ඇතැයි කෘෂිකර්ම සේවා අධ්‍යක්‍ෂ ජනරාල් රවීන්‍ද්‍ර හේවාවිතාරණ මහතා කියයි.
අනුරාධපුරයේ 192, පොළොන්නරුවේ 75, මඩකළපුවේ 125, අම්පාරේ 57, ති‍්‍රකුණාමලයේ 35, වව්නියාවේ 35, කිලිනොච්චියේ 06 ද වශයෙන් වැව් අමුණු කැඞී ගොස්තිබේ

කොදෙව් පරදා ජය ශ්‍රී ලංකාවට



අද පැවති තරගයේ කාසිය වාසිය හිමිකරගනු ලැබුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයිග ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරන ලද අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කන්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ටලකුණු 277 ක් රැස් කරන ලදී
                                      අනතුරුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 251 ක් පමණි

Wednesday, February 2, 2011

කාලගණ අවදානමට මුහුණ දෙන්න රජය සැරැුසෙයි


අධික වැසි හා නායයෑම් හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් තත්ත්වයට මුහුණදීම සඳහා සූදානමින් සිටින්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (02* රාත‍්‍රී පැවැති කැබිනට් රැුස්වීමේදී ඇමැතිවරුන්ට උපදෙස් දුන්නේය.
පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සලසන්නැයිද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

තව දින 02ක් වත් වැසි දැනට 31000ක අධික පිරිසක් පීඩාවට පත් වී ඇත.