ප්‍රංශය, එංගලන්තය, ඇමෙරිකාව ඉදිරි පැය කිහිපය තුළ ලිබියාවට ඇතුල් වන බව පවසතිලිබියාව ආක්‍රමණය කිරීම සඳහා නේටෝ හමුදාවන්ට අවශ්‍යව තිබු ලිබියාව තුළ ගුවන් ගමන් විමුක්ත කලාපයක් (no-fly zone) ඇති කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ අනුමැතිය මීට ස්වල්ප මොහොතකට පෙර හිමි වීය. ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ලෙබනනය සහ ඇමෙරිකාව එක්ව අද දින එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ ලිබියාවේ කැරලිකරුවන්ට විරුද්ධව ගඩාෆි පාලන විසින් සිදු කරනු ලබන ගුවන් මෙහෙයුම් නවතා දැමීම සඳහා නේටෝ හමුදා මැදිහත්වීමකින් ලිබියානු ගුවන් බලය විනාශ කර දැමීම සඳහා අවශ්‍යයව තිබූ ගුවන් ගමන් විමුක්ත කලාපයක් ලිබියාව තුළ ඇති කිරීම සඳහා වූ යෝජනාව ඡන්ද 10 - 0 ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ දී අනුමැතිය හිමි විය.
රුසියාව, චීනය, ජර්මනිය, බ්‍රසීලය සහ ඉන්දියාව ඡන්ද විමසන අවස්ථාවෙහි ආරක්‍ෂ මණ්ඩලය තුළ නොසිටි අතර 10 - 0 ලෙස යෝජනාව සම්මත විය. ඒ අනුව ලිබියාව ආක්‍රමණය කිරීම සඳහා ප්‍රංශය, එංගලන්තය සහා ඇමෙරිකාව ඉදිරි පැය කිහිපය තුළ දී ක්‍රියාන්විත මෙහෙය වන බව සඳහන් වේ.
ලිබියාවේ සිවිල් වැසියන් ආරක්‍ෂා කිරීමට අවශ්‍යය ඕනෑම ක්‍රියා මාර්ග ගැනීම සඳහා අවසරය නේටෝ හමුදාවන් සඳහා ලැබී ඇති බව අල් ජසීරා රුපවාහීනිය විසින් වාර්තා කර සිටියි.
නේටෝ සංවිධානයේ මහාලේකම් අන්ද්‍රේස් ෆොග් රස්මුසන් විසින් ඇමෙරිකාව ප්‍රංශය සහ එංගලන්තය සමඟ එක්ව ඉදිරි සැළසුම් ක්‍රියාත්මක කරමින් සිටින බව බටහිර පුවත් වාර්තා වල වැඩි දුරටත් සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට අද දිනම මෙම යෝජනාව ඉදිරිපත් වී පැයක් තුළ ඡන්දය වීමසීම සිදු කිරීම විශේෂත්වයක්ද වේ.

No comments:
Post a Comment