පළාත් පාලන ආයතන 205 ක බලය හිමිකරගනිමින් 2011 පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වී තිබේ.
පළාත් පාලන ආයතන 234 ක් සඳහා මෙවර පළාත් පාලන මැතිවරණය පවත්වනු ලැබීය.
ඉලංගෙයි තමිල් අරුසකච්චි පළාත් පාලන ආයතන 12 ක බලය හිමිකරගනිමින් මෙවර පළාත් පාලන මැතිවරණයේ දෙවන ස්ථානය හිමිකරගෙන තිබීම විශේෂත්වයකි.
තෙවන ස්ථානයෙහි පසුවන එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇත්තේ ආයතන 09 ක පමණි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පළාත් පාලන ආයතන 04 ක ද, කඳුරට ජනතා පෙරමුණ එක් ආයතනයක්ද, ජාතික කොංග්‍රසය ආයතතන 02 ක් හා ස්වාධීන කණ්ඩායමක් එක් පළාත් පාලන ආයතනයක් ද බැගින් මෙවර පළාත් පාලන මැතිවරණයෙහි බලය හිමිකරගෙන තිබේ.
No comments:
Post a Comment